වැඩි මිලට සහල් විකුණන්නේ නම් පැමිණිලි කරන්න

සහල් වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සමබන්ධයෙන් යම් තොරතුරක් වේ නම් වහාම 1977ට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

සහල් සඳහා පාලන මිලක් නියම කර තිබියදී ත්, වෙළඳුන් විසින් වැඩි මිලට සහල් අලෙවි කරන බවට වාර්තා වී ඇති අතර ඔවුන් සොයා වැටලීම් ක්‍රියාත්මක බවයි අධිකාරිය පවසන්නේ.

පාලන මිල අනුව රතු හා සුදු නාඩු කිලෝවක් රුපියල් 220ක්ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක් ද, සම්බා කිලෝවක් රුපියල් 230ක් ද, රතු සුදු කැකුළු කිලෝවක් රුපියල් 210ක් ද වනවා.

සහල් සඟවාගෙන සිටින වෙළෙඳුන් පිළිබඳව ද ඉහත දුරකථන අංකයට පැමිණි කළ හැක.