තේ කුඩු වලින් ඇඟම Glow කරන Scrub එකක්

අපේ ශරීරයේ තියෙන මැරුණු සෛල සමේ මතුපිට ස්ථරයේ එකතු වෙලා තියෙන එකෙන් අපේ සමේ තියෙන සිදුරු අවහිර වෙලා acne තත්ත්වයක් එන්න පුළුවන් වගේම අපේ සමේ glow එකත් හැංගිලා තියෙන්න පුළුවන්. මේ මැරුණු සම ඉවත් කරන්න scrub එහෙමත් නැත්නම් exfoliators වර්ග ගොඩක් දැන් නම් වෙළඳපොලේ ඔයාට මිල දී ගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ ඔයාට ලේසියෙන්ම ඔයාගේ ගෙදර ඉවතලන අමුද්‍රව්‍යක් භාවිතයෙන් හදා ගන්න පුළුවන් scrub එකක් ගැන.

ඔයාගේ සම දීප්තිමත් කරන, සිනිදු කරන වගේම නිරෝගී කරන මේ scrub එක හදන්න අපිට ඕනි වෙන්නේ, ඔයාට ලේසියෙන්ම හොයා ගන්න පුලුවන් දෙයක් වන තේ කුඩු. ඔයා තේ බීලා ඉවර වුනාම ඉතුරු වන තේ කුඩු වලින් මේ scrub එක හදා ගන්න පුළුවන්.

තේ කොළ කියන්නේ ඇත්තටම අපේ සමට ගොඩක් හොඳ දේවල් කිහිපයක්ම අන්තර්ගත වෙලා තියෙන දෙයක්.

තේ වල අන්තර්ගත Polyphenol වැනි antioxidants සම වයසට යන එක පාලනය කිරීමට, සමේ sebum නිෂ්පාදනය පාලනය කරමින් සමේ අමතර තෙල් ගතියක් ඇති වීම පාලනය කිරීමට, acne තත්ත්ව ඇති වීම පාලනය කිරීමට උදවු වෙනවා. ඒ වගේම තේ කොළ වල ඇති Catechin සහ Flavonoid මඟින් UV-B කිරණවලට එරෙහිව සැමට ආරක්ෂාවක් සපයමින් හිරු එළියට පිළිස්සීම් නිසා ඇති වුණු blemishes තත්ත්ව අඩු කරනවා. සමේ collagen නිෂ්පාදනය කිරීම උත්තේජනය කිරීමටත් මේ තේ කොළ වල අඩංගු දේවල් අපිට උපකාරී වෙනවා.

ඉතින් තේ කොළ අපේ සැමට ගොඩක් ආකාර කිහිපයකට යොදා ගන්න පුළුවන්. අද අපි ඔයාලට කියන්න යන්නේ ඒ අතරින් ක්‍රම 02ක්.

පළමු ක්‍රමය

තේ හදලා ඉතුරු වෙන තේ කුඩු ශීතකරණයේ දාලා මඳක් සිසිල් වුණාට පස්සේ තෙත් කර ගත්ත මුහුණේ ආලේප කරලා තත්ත්පර 30 වගේ කාලයක් මෘදුව රවුම් ආකරයට scrub කරලා සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරන්න පුළුවන්. මෙතැනදී ඔයා ගන්න තේ කොළ ප්‍රමාණයට scrub කරන්න පුළුවන් වෙන ආකාරයට වතුර භාවිතා කරන්න ඔයාට පුලුවන්.

ඒ වගේම වතුර වෙනුවට rose water වගෙත් මේ සඳහා යොදා ගන්න පුළුවන්.

සිසිල් තේ කුඩු භාවිතා කරපු නිසා ඔයාගේ සමේ තෙතමනය රැඳවීමට වගේම සම සිසිල් කිරීමටත් මේ තේ කුඩු scrub එකට හැකියාව තියෙනවා. ඔයාට තියෙන්නේ සාමන්‍ය, තෙල් සහිත හෝ වියලි යන මොන ආකාරයක සමක් වුණත් මේක ඔයාට use කරන්න පුළුවන්.

දෙවන ක්‍රමය

මේ ක්‍රමයේ දී ඔයාට පුළුවන් ඔයාගේ තේ කුඩු ටිකට මී පැණි බින්දු කිහිපයකුත් එකතු කරලා scrub එක හදා ගන්න.

මි පැණි තුළ අන්තර්ගත ස්වාභාවික humectant නිසා සමේ වියළි ස්වාභාවය පාලනය කිරීමට සහ, සමේ පැහැය වර්ධනය කිරීමටත් මේ හරහා හැකි වෙනවා. ඒ වගේම තමයි වියලි, තෙල්, සාමාන්‍ය වගේ ඕනිම සමකට ත් භාවිතා කරන්න පුළුවන්.

ඉතින් ඔයාට තියෙන්නේ ටිකක් වියළි සමක් නම් ඔයාට පුළුවන් කෝමාරිකා ජෙල් ස්වල්පයකුත් තේ කුඩු එක්ක එකතු කරලා ඔයාගේ scrub එක හදා ගන්න.

ඔයාගේ සමට, ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයේ ක්‍රමයක් ඔයාට මේ අතරින් තෝරා ගැනීමේ හැකියාවක් පවතිනවා.

ඔයා මේ මොන ක්‍රමය අනුගමය කළත් ඔයා විශේෂයෙන්ම අනුගමනය කරන්න ඕනි පියවර දෙකක් තියෙනවා.

අංක එක තමයි patch test එකක් කරන එක. අපි එකෙනාකාගේ සම එකිනෙකට වෙනස් නිසා අනිවාර්යයෙන්ම ඔයාට මේ ක්‍රම ගැලපෙනවද නැතිද කියන එක තහවුරු කර ගන්න, ඔයා හදා ගත්ත scrub එකෙන් ස්වල්පයක් කන පිටිපස්සේ හෝ අත් වල ආලේප කරලා ටිකක් වෙලා තියලා බලන්න පුළුවන් මොනවා හරි ආසත්මිකතාවන් එනවද කියලා.

දෙවැනි කරුණ තමයි ඔයා මේ scrub එක use කරලා ඉවර වුණාම පුරුදු විදිහටම toner කරලා moisturizer එකක් apply කරන්නත් අමතක කරන්න එපා.

මේක mild exfoliator එකක් විදිහට ක්‍රියාත්මක වන නිසා ඔයාට පුළුවන් අවශ්‍යතාවය අනුව සතියක් වගේ කාලයක් හැමදාම use කරන්න පුළුවන්. ඊට පස්සේ නම් සතියකට දවස් 3 කට වගේ භාවිතය සීමා කරන්න ඕනි.

මේ scrub එක වයස් භේදයක් නැතිව, කාන්තා පිරිමි ඕනිම කෙනෙක්ට මුහුණ වගේම අත් කකුල් වලටත් භාවිතා කරන්න පුළුවන්.

ඉතින් අනිවාර්යයෙන් try කරලා බලන්න. ටික දවසක් කර ගෙන යනකොට ඔයාටම ඔයාගේ skin එකේ වෙනසක් තේරෙයි.

එහෙනම් අපි තවත් මේ වගේ ලස්සන වෙන රහස් අරන් එනකම් දිගටම NewsBuwa එක්ක එකතු වෙලා ඉන්න.