චීනයේ WeChat යෙදවුමට කැනඩාවෙන් තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ජංගම දුරකථන සහ අනෙකුත් උපාංග සඳහා WeChat යෙදවුම තහනම් කරන බව කැනඩාව නිවේදනය කරනවා.

කැනඩා රජය පවසන්නේ මෙම යෙදවුම චීන රජය විසින් ඔත්තු බැලීම සඳහා භාවිතා කරන්නේ යැයි යන සැකය මත ආරක්ෂක හේතූන් මුල් කර ගෙන මෙම පියවර ගෙන ඇති බවයි.

තවමත් WeChat හරහා රජයේ තොරතුරු අවදානමට ලක් වී ඇති බවට සාක්ෂි නොමැති වුවත් සයිබර් ආරක්ෂාව සඳහා වූ අවදානම අවම කිරීමට මේ හරහා හැකි වනු ඇති බවයි කැනඩාවේ භාණ්ඩාගාර මණ්ඩලයේ සභාපති නිවේදනය කර ඇත්තේ.

WeChat යනු WhatsApp, Facebook, Amazon, Tinder යන app සියල්ලගේම එකතුවක් ලෙස සැලකිය හැකි චීනයේ Tecent සමාගමට අයත් යෙදවුමකි.

එය චීනයේ මෙන්ම අග්නිදිග ආසියාවේ ද මෙය වඩාත් ප්‍රසිද්ධ යෙදවුමක් වනවා.