පොහොර සඳහා පාලන මිලක්

ඉදිරියේ දී පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ඒ දිගින් දිගටම ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සළකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ශනයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරනු ඇති.