හෝටන් තැන්නට ඇතුළු වීමට දියගම සිට නව පිවිසුමක් ඉදිකර ඇති බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ටෝකියෝ සිමෙන්ති සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් ඉදිකරන ලද මෙම පිවිසුම සියලුම යටිතල පහසුකම්වලින් සමන්විත ප්‍රවේශපත්‍ර කාර්යාලයකින් සමනත්විත වනවා.
මෙම නව පිවිසුම සහ ප්‍රවේශපත්‍ර කාර්යාලය සඳහා රුපියල් මිලියන 50ක මුදලක් වැය වී ඇති අතර සියලු ඉදිකිරීම් පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සිදු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම මුර කුටි, වනජීවී නිලධාරීන් සහ වනෝද්‍යාන භාරකරුවන් හට සියලු යටිතල පහසුකම්වලින් සමන්විත නිල නිවාස ද ඉදිකර ඇත.

