යෝජිත විදුලි බිල ප්‍රතිසංස්කරණ පනත කැබිනට්ටුවට

යෝජිත විදුලි බිල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ නිරීක්ෂණයට සහ අනුමැතිය සඳහා ඊයේ ඉදිරිපත් කළ බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මෙම නව කෙටුම්පත මගින් විදුලිබල මණ්ඩලයේ සේවාවන් අංශ කිහිපයකට වෙන් කිරීම, කාර්යක්ෂමතාවය, විනිවිදභාවය සහ පෞද්ගලික අංශයට ඊට ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.

බලශක්ති සහ නීති විශේෂඥයින්ගේ සහය ඇතිව වසරකට ආසන්න කාලයක් අධ්‍යයනය කොට මෙම කෙටුම්පත සකස් කර ඇති අතර එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙන් පසු ගැසට් කර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමට තිරණය කර ඇති බවයි.