ලංකා T-10 තරඟාවලියට දින නියම වෙයි

පළමු වරට පැවැත්වීමට සැලසුම් කර ඇති ලංකා T-10 ලීග් ක්‍රිකට් තරඟාවලිය ලබන දෙසැම්බර් මස 12 වන දා සිට 23 වන දා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඊට අදාළ ක්‍රීඩක වෙන්දේසිය නොවැම්බර් 10 වන දා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගර 6ක් කේන්ද්‍ර කර ගනිමින් මෙහි පිරිමි කණ්ඩායම් 6 නම් කිරීමට සැලසුම් කර ඇති අතර කාන්තා කණ්ඩායම් 4ක් ද මේ සඳහා එකතු වීමට නියමිතව තිබෙනවා.

මේ වන විටත් මේ සඳහා ක්‍රීඩකයන් ලියාපදිංචිය ආරම්භ කර ඇති අතර ලොව ප්‍රමුඛතම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම තරඟාවලිය සඳහා එකතු වේ යැයි අපේක්ෂා කරනවා.

T-10 Sports කළමනාකාරිත්වය සහ T-10 Global Sports and Innovative Production ආයතනය මඟින් මෙම තරඟාවලිය සංවිධානය කර තිබෙනවා.