ගාසා නගරයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන අල්-කුඩ්ස් රෝහල ඉවත් කරන ලෙස ඊශ්‍රායලය විසින් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.
ඒ ඊයේ දවස පුරාම රෝහල ආශ්‍රිත ප්‍රදේශ වලට ඊශ්‍රායල හමුදා විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ය.
එසේම සාමාන්‍ය වැසියන් 14,000ක් පමණ ද රෝහලේ සහ එහි භූමියේ නවාතැන් ගෙන සිටිනවා.
රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ එහි දැඩි සත්කාර ඒකකවල රෝගීන් සහ ඉන්කියුබේටර්වල සිටින ළදරුවන් එලෙස වෙනත් ස්ථානයකට රැගෙන යාම අතිශයෙන් අපහසු කටයුත්තක් බවයි.
2019 වසරේ සිට සෑම වසරකම ලොව පුරා ගැටුම්වලින් මිය ගිය ළමුන් සංඛ්‍යාවට වඩා වැඩි ළමුන් ප්‍රමාණයක් පසුගිය සති තුන තුළ ගාසා තීරයේ මිය ගොස් ඇති බව Save the Children සංවිධානය පෙන්වා දෙනවා.

