රිළා ගහනය පාලනය කර ගැනීම සදහා ගැහැණු රිළා සතුන්ට ලූපයක් දැමිම කෙරෙහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව තිබෙනවා.
මේ වන විට ගැහැණු රිළා සතුන්ගේ ඩිම්බකෝෂවල ප්‍රමාණයන් හා ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බවයි පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දංගොල්ල මහතා පවසන්නේ.
රිළා ගැහැණු සතුන්ට වඳ සැත්කම් කිරිමට් විශාල මුදලක් මෙන්ම සැලකිය යුතු කාලයක් වැය වන නිසා ඔවුන් අල්ලා ලූපයක් පැලන්දවිම පහසු හා වියදම් අඩු කටයුත්තක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙම ලූපය අලුතින්ම නිර්මාණය කිරීමට සිදුවන බැවින් ඊට අවශ්‍ය ප්රතිපාදනයන් ලබා ගැනීමට සඳහා පරිත්‍යාගශීලියෙකුගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

