මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
එම දුරකථන අංක පහතින්.
0094711 757 536
0094711 466 585
මීට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ +94 112 338 837 දුරකතන අංකයට ද කාර්යාල වේලාවන් හිදී ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ.
මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ට කොන්සියුලර් කටයුතු අංශයට repatriation.consular@mfa.gov.lk විද්‍යුත් තැපෑල හරහාද තොරතුරු ලබාදිය හැකි වනවා.
අවදානම් ප්‍රදේශවල සංචාරයේ නිරත නොවන ලෙසට මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.
එසේම ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ පලස්තීනයේ රමල්ලා හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික ධූත මණ්ඩල සාමාජිකයින් සමග නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වන ලෙසටද එම ශ්‍රී ලාංකිකයන්ගෙන් අමාත්‍යංශය ඉල්ලීමක් කරනවා.

