2023 වසරේ අවසාන චන්ද්‍රග්‍රහණය හෙට වප් පුර පසළොස්වක පොහෝ දිනයේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස නිරීක්ෂණය වීමට නියමිතව තිබෙනවා.
මෙම අර්ධ චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට මෙන්ම යුරෝපය, ආසියාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාව, උතුරු අමෙරිකාව, දකුණු අමෙරිකාව, පැසිෆික්, අත්ලාන්තික්, ඉන්දියන් සාගරය, ආක්ටික් සහ ඇන්ටාක්ටිකාව යන ප්‍රදේශවලට ද දිස් වනු ඇත.
ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් ඔක්තොම්බර් මස 28 වැනිදා රාත්‍රී 11.32ට චන්ද්‍රයා පෘථිවියේ උපචායාවට ඇතුළු වීමත් සමඟ චන්ද්‍රග්‍රහණය ආරම්භ වන බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරන්නේ.
එහි පියවි ඇසට දෘශ්‍යමාන කොටස 29 වැනි දින අලුයම 01.05ට චන්ද්‍රයා උම්බ්‍රා හෙවත් පෘථිවියේ සෙවණැල්ලෙහි තද අඳුරු පුර්ණ චායාව කොටසට ඇතුළු වීමත් සමඟ ආරම්භ වනවා.
මුළු කාලය පැය 04කුත් විනාඩි 25ක් වූ මෙම චන්ද්‍රග්‍රහණයේ අවසානය 29 වැනිදා අලුයම 03.56ට පෘථිවියේ උපචායාවෙන් චන්ද්‍රයා ඉවත් වීමත් සමඟ සිදු වන බවයි සලකන්නේ.

