පසුගිය දා පැලවත්තේ දී ගුරු සංගම් විරෝධතාකරුවන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයට එරෙහිව අද දිවයින පුරා සියලුම රජයේ පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන ලෙස පස්වරු 1.30ට පාසල් නිමවීමෙන් අනතුරුව මෙම විරෝධතා සංවිධානය කර ඇති බවයි ගුරු සංගම් පෙන්වා දෙන්නේ.
ගුරු විදුහල්පති උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහරය ම්ලේච්ඡ බවයි ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මාධ්‍ය හමුවක දී සඳහන් කර සිටියේ.
එමෙන්ම ලබන නොවැම්බර් මස 13 වැනි දා අයවැය යෝජනාවෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් නොකළහොත් නොවැම්බර් 13 සිටම දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

