කොළඹ නගරයේ නව නිවාස ව්‍යාපෘති 05ක්

සුළු හා මධ්‍යම පාන්තික ජනතාව වෙනුවෙන් කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 05ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශ කරනවා.

ඩොලර් මිලියන 350ක් වැය වන මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකඟතාව පළකර තිබෙනවා.

එයින් ඩොලර් මිලියන 200 ක් පමණ මේ වන විටත් ලැබී තිබෙන බවයි අමාත්‍යවරයා අනාවරණය කළේ.

මේ හරහා නිවාස සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර මේ වනවිට නවත්වා තිබෙන ව්‍යාපෘති 2024 වසර සඳහා වන නව අයවැය සමග යළි ඇරඹීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.