අධ්‍යාපන මාධ්‍ය විය යුත්තේ ඉංග්‍රීසි භාෂාවයි – සජිත්

රටේ අධ්‍යාපනය සිදු විය යුත්තේ ඉංග්‍රීසි බසින් බවත් විපක්ෂනායක ලෙස එය කීමට තමා බිය නොවන බව විපක්ෂකනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තමා සුහුරු රටක් ගොඩනැගීම වෙනුවෙන් කැපවෙන බවත් ඒ වෙනුවෙන් රටේ අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂනය පදනම් කර ගත සුහුරු අධ්‍යාපනයක් විය යුතු බවත් හෙතෙම පෙන්වා දෙනවා.

ඒ වෙනුවෙන් පාසල් 10,126 ම සුහුරු පාසල් බව‍ට පත් කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම් කළ යුතු බවත්, ඒ හරහා ගෝලීය පුරවැසියන් බොහෝ කිරීම ආරම්භ කළ හැකි බවත් විපක්ෂනායකවරයා අවධාරණය කරනවා.

ඔහු මේ බව සඳහන් කර තිබෙන්නේ ඊයේ උඳුගොඩ අර්ෆා විදුහලේ දී තිබූ උත්සවයකට එක්වෙමිනුයි.