පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.
ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පැවසුවේ 2023 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 39ක් වාර්තා වී ඇති බවයි.
එසේම ජනවාරි සිට මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 66,500ක් වාර්තා වී තිබෙනවා.
ඉන් බහුතරයක් මහනුවර, කොළඹ, නුගේගොඩ, ගොතටුව, ගම්පහ සහ අත්තනගල්ල යන ප්‍රදේශවලින් හඳුනා ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

