ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක්

වයස අවුරුදු 60 ඉක්මවූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් පොලිය මත අඩුකරන ලද අත්තිකාරම් ආදායම් බද්ද ආපසු ගෙවීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මූල්‍ය යහපැවැත්මට සහායවීමේ අරමුණින් ඔවුන් සඳහා සුවිශේෂි මූල්‍ය සහනයක් ලබාදීමේ ක්‍රියාපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

එහිදී බැංකු හෝ මූල්‍ය ආයතන විසින් පොලී ආදායම මත අඩුකරන ලද 5%ක්වු අත්තිකාරම් ආදායම් බද්ද (AIT) ඔවුන්ට ආපසු ගෙවීමේ යාන්ත්‍රණයක් දියත් කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා..