මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට ඇම්බර් වර්ණයෙන් යුතු තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
එම පළාත් වල ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ද අපේක්ෂා කළ හැකි වනවා.
එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට සවස හෝ රාත්‍රී කාලයේ ප්‍රබල අකුණු සමඟ තාවකාලික තද සුළං ඇති වීමේ ඉඩකඩක් ද ඇති බවයි.
අකුණු මඟින් සිදු වන අනතුරු වළක්වා ගැනීම සඳහා සුදුසු පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා

