සෙනසුරාදා රාත්‍රියේ සිදු කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.
එසේම ප්‍රහාර හේතුවෙන් නිවාස 30 ක් පමණ විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ නිවාස 40%කට පමණ හානි වී හෝ සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, එම ප්‍රදේශයේ වැඩි කොටසක් නටබුන් බවට පත් වී තිබෙනවා.

