ගාසා හි රෝහලට එල්ල වූයේ හමාස් ප්‍රහාරයක් – කැනඩාව

පසුගිය ඔක්තෝම්බර් 17 වන දා ගාසා තීරයේ අල්-අහ්ලි රෝහලට එල්ල වුණු ප්‍රහාරය ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් නොවන බව කැනඩාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

ඔවුන් සඳහන් කරන්නේ හමාස් ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද රොකට්ටුවක් වැරදි ලෙස ඉලක්ක කර තිබීමෙන් මෙම ප්‍රහාරය සිදු වන්නට ඇති බවයි.

කැනඩාවට අමතරව ප්‍රංශය සහ ඇමරිකාව ද ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන් ලෙස දක්වා ඇත්තේ හමාස් සංවිධානය යි.

කෙසේවෙතත් හමාස් ත්‍රස්තවාදීන් එය ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් දිගින් දිගටම් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාවන්ට චෝදනා කරනු ලබනවා.

එම ප්‍රහාරයෙන් රෝහලේ සිටි පුද්ගලයන් 500 ක් පමණ ජිවිතක්ෂයට පත්වූවා.