ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට එල්ල කරන සිය ප්‍රහාර වේගවත් කිරීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා.
මේ හේතුවෙන් තවමත් ගාසා තීරයේ උතුරු කොටසේ සිටින ජනතාවට හැකි ඉක්මනින් දකුණු කොටසට සංක්‍රමණය වන ලෙසයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ඩැනියෙල් ගෆාරි නිවේදනය කළේ.
මෙම අනතුරු ඇඟවීමේ නිවේදනයත් සමඟ හමාස් ත්රස්තවාදීන් සිටින්නේ යැයි සැක කරන west bank හි වූ දේවස්ථානයකට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් පලස්තීන වැසියන් දෙදෙනෙක් මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.
මේ වන විට ඊශ්‍රායලය විශාල භුමි ආක්‍රමණයට සූදානම් වෙමින් ගාසා තීරයේ මායිමේ යුද ටැංකි සහ හමුදා බොහෝ ප්‍රමාණයක් රැස් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ගාසා තීරයේ තත්ත්වය ඉතාමත් කනගාටුදායක වන බැවින් එක්සත් ජාතින් විසින් නැවත සටන් විරාමයක් සඳහා ඉල්ලීම් සිදු කර තිබෙනවා.

