ප්‍රවීණ රූපලාවණ්‍යශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ ප්‍රේමසිරි හේවාවසම් මහතා දෙස් විදෙස් සම්මාන රැසකින් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහුගේ දේහය අද පස්වරුවේ මීගොඩ – පුවක්වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

මිය යන විට ඔහු 64 වියෙහි පසුවුණා.