පුරප්පාඩු නිසා රාජ්‍ය සේවය අඩාල වෙයි

රාජ්‍ය සේවයේ ඇති වී ඇති පුරප්පාඩු පිරවීම සඳහා වැඩපිළිවෙලක් රජය විසින් සකස් නොකිරීම හේතුවෙන් රාජ්‍ය සේවයේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිනවා.

රාජ්‍ය, පළාත් රාජ්‍ය, රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරන්නේ මේ වන විට රාජ්‍ය සේවයේ පුරප්පාඩු 50,000 කර ආසන්න ප්‍රමාණයක් පවතින බවයි.

කලමානකරණ සේවයේ පුරප්පාඩු 8,000 කට ආසන්න ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, මේ නිසා රාජකාරි ලිපියක් සකස් කිරීමේ කටයුතු වලට පවා බලපෑම් සිදු වන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

එසේම අධ්‍යාපන අනධ්‍යන සේවයේ ද පුරප්පාඩු 12,000 ක් පමණ ඇති බවයි එම සංගමගේ ලේකම් අජිත් තිලකරත්න පවසන්නේ.