ඊශ්‍රායලයට එරෙහිව හමාස් සංවිධානය විසින් එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා.
එහි දී ඔහු යුක්රේනයේ සහ ඊශ්‍රායලයේ ගැටුම් අතර සම්බන්ධයක් හොවා දක්වමින් කතා කළ අතර ඔහු ඇමරිකානු කොන්ග්රසය වෙතින් ඊශ්‍රායලයට සහ යුක්රේනයට ආධාර පිණිස ආධාර පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරනු ලැබුවා.
එසේම බයිඩන් සඳහන් කළේ පුටින් විසින් යුක්රේනය යටත් කර ගැනීම නතර නොකළහොත් ඔහු යුක්රේනයට පමණක් සීමා නොවී අනෙක් රටවල් වලටත් තර්ජනයක් විය හැකි බවයි.
ඔහු අවධාරණය කළේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා ගෙන සිටින ඇමරිකානුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමා වඩාත් ප්රමුඛත්වයක් ලබා දෙමින් කටයුතු කරන බවයි.
ඊශ්‍රායලයට සහ යුක්රේනයට සිය යුද්ධ ජයග්‍රහණය කිරීම සඳහා ඇමරිකාව නිරන්තරයෙන් සහය දෙන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව ඇමරිකානු යුද ආධාර විශාල ප්‍රමාණයක් ලබා ගන්නා රාජ්‍යයක් ලෙස ඊශ්‍රායලය හඳුන්වා දිය හැකි වනවා.
එක්සත් ජනපද කොන්ග්‍රසයේ සමාලෝචනයකට අනුව මේ දක්වා ඇමරිකාව විසින් ඊශ්‍රායලයට ද්විපාර්ශ්වික ආධාර සහ යුද අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 158 ක මුදලක් ලබා දී තිබෙනවා.
2023 දී ඇමරිකාව ඊශ්‍රායලයේ මිලිටරි මූල්‍යකරණය සඳහා ඩොලර් බිලියන 3.8 ක් ද වෙන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම බයිඩන් මෙහි දී ඊශ්‍රායල නායකයන් වෙත දැනුම් දී ඇත්තේ යුද්ධයේ දී ආවේගයකින් යුතුව කිසිවක් සොයා නොබලමින් කටයුතු නොකරන ලෙසයි.

