ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙන තිබෙන බව ඊයේ නිල වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබෙනවා.
මෙම සමාලෝචනය IMF කළමනාකාරිත්වය සහ IMF විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු IMF ණය මුදලේ දෙවන වාරිකය මෙරටට ලබා දීම සිදු කරනු ඇත.
ඒ අනුව ඩොලර් මිලියන 330 ක මුදල ඉදිරි මාසය තුළ මෙරටට ලැබීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ.
මින් පෙර ලැබුණු IMF පළමු වාරිකය සම්බන්ධයෙන් සමාලෝචනයක් කිරීම සඳහා මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන් දැනුම් දී ඇත්තේ ලංකාවේ මූල්‍ය ක්‍රියාවලිය තුළ තවදුරටත් සංශෝධන සිදුවිය යුතු බවයි.

