විදුලි බිල යළි ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු වැඩිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව 0 සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක් ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දමා ඇති අතර, 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ දමා ඇති අතර, 300ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 360ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක්ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළ දමා ඇති අතර, ස්ථාවර ගාස්තුව රුපියල් 400 සිට රුපියල් 480 දක්වා ඉහළ නංවා තිබෙනවා.

එසේම 91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59 දක්වා ඉහළ දමා ඇති අතර, 1000 ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 1180ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුවද රුපියල් 59 ක් දක්වා ඉහළ යන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 1500 සිට 1,770 ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

ඒකක 181න් ඉහළ විදුලි පරිභෝජනය කරන්නන් සඳහා ඒකකයක් සඳහා පැවති රුපියල් 75ක ගාස්තුව රුපියල් 89ක් දක්වා වැඩිවන අතර, එහි ස්ථාවර ගාස්තුව රුපියල් 2,000 සිට රුපියල් 2,360 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.