වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අනුමත ස්ථානවල මත්පැන් භාවිතා කිරීම සඳහා ලබා දී තිබූ අවසරය තාවකාලිකව ලිහිල් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබෙනවා.
ඒ අනුව ලියාපදිංචි හෝටල්, ආපනශාලා සහ සංචාරකයින්ට නවාතැන් හා සේවා සපයනු ලබන සංචාරක ආයතන සඳහා මේ දක්වා නිකුත් කර ඇති බියර් සහ වයින් වැනි මෘදු මත්පැන් අවසරය අත්හිටවනු ඇති.
මත්පැන් බලපත්‍රලාභීන් දෙදෙනෙකු ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව පසුගිය 10 වනදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට අනුව මෙම තීරණය ගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා දිවයින පුරා සාර්ථක වැටලීම් 28,000කට අධික ගණනක් සිදු කළ බව නිවේදනය කර තිබෙනවා.
එම වැටලීම්වල දී සුරාබදු දෙපාර්තමේන්තුවේ භාරයට ගන්නා ලද නඩු භාණ්ඩවල මුළු වටිනාකම රුපියල් මිලියන 260 ඉක්මවන බව යි වාර්තා වෙන්නේ.
එසේම මෙම මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්කොළ සඳහා අපරාධ පිළිබඳ අධිකරණය ඉදිරියේ නඩු පැවරීමෙන් අනතුරු ව අධිකරණය මඟින් රුපියල් මිලියන 122ක් දඩ මුදල් පනවා තිබෙනවා.

