ඊශ්රායල – පලස්තීන යුදමය වතාවරණයේ බලපෑම හේතුවෙන් පසුගිය සතියේ දී විදේශීය වෙළෙඳපොළේ රත්රං මිල කැපි පෙනෙන ලෙස ඉහළ යෑමකට ලක් වී තිබුනා.
මේ වන විට එහි බලපෑම දේශීය වෙළඳපොළටත් දැනී ඇති අතර මෙරට රත්රන් මිල ද විශාල ලෙස ඉහළ යෑමකට ලක් වී ඇති බවයි වෙළඳපොල දත්ත පෙන්නුම් කරන්නේ.
මේ සතිය තුළ දී විදේශීය වෙළෙඳපොළේ රත්රං අවුන්සයක මිල ඩොලර් 1,820 සිට ඩොලර් 1,925ක් දක්වා ඩොලර් 100 කර ආසන්න ප්රමාණයකින් වැඩි වී තිබෙනවා.
මෙරට වෙළඳපොලේ කැරට් 24ක රන් පවුමක මිල ද රුපියල් 7,000 කින් පමණ ඉහළ ගොස් ඇති අතර දැනට එය අලෙවි වන්නේ රුපියල් 173,000ක පමණ මිලකට බවයි ජාතික මැණික් හා ස්වර්ණභරණ අධිකාරිය සඳහන් කළේ.

