සතොස භාණ්ඩ වර්ග 05 ක මිල පහළට

හෙට සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස ආයතනය භාණ්ඩ වර්ග 05 ක මිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව,

ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) ක නව මිල රුපියල් 650ක් වන අතර එය රුපියල් 35කින් පහළ දමා ඇත.

දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) ක නව මිල රුපියල් 545ක් වන අතර එය රුපියල් 5කින් පහළ දමා ඇත.

මුං ඇට කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 1100ක් වන අතර එය රුපියල් 20කින් පහළ දමා ඇත.

හාල්මැස්සන් කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 1090ක් වන අතර එය රුපියල් 10කින් පහළ දමා ඇත.

කොත්තමල්ලි කිලෝග්‍රෑම් එකක නව මිල රුපියල් 540ක් වන අතර එය රුපියල් 10කින් පහළ දමා ඇත.