ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් හේතුවෙන් ඇති වී ඇති අනාරක්ෂිත තත්ත්වය මත ලෙබනනයේ සංචාරය නොකරන ලෙස ඇමරිකානු රජය විසින් සිය රටවැසියන්ට දැනුම් දී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සංචාරය නොකරන ලෙස වූ අනතුරු ඇඟවීම 4 වන මට්ටම දක්වා ඉහළ නැංවීමට ඇමරිකාව පියවර ගෙන ඇති බවයි.
එසේම ලෙබනනයේ වූ ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන රජයේ නිලධාරින්, සහ තවත් පිරිසකට සිය කැමැත්ත පරිදි ලෙබනනයෙන් පිට වීමට ද අවසර ලබා දී තිබෙනවා.

