‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ තුන් වැනි ජාත්‍යන්තර සහයෝගිතා නායක සංසදයේ සමාරම්භක උලෙළ අද චීනයේ බෙයිජිං නුවර දී ආරම්භ වුණා.
එම සමුළුවේ ගෞරවනීය ආරාධිතයා (the guest of honour) ලෙස සපැමිණි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට චීන රජය විසින් විශේෂ සැලකිල්ලක් ලබා දී තිබීම කාටත් කැපී පෙනෙන කරුණක් වී තිබුණා.
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව පුටින් විසින් විදෙස් සංචාරයක නිරත වී ඇත්තේ කලාතුරකින් වන අතර ඒ හේතුවෙන් ඔහු රාජතාන්ත්‍රික වශයෙන් හුදකලා වීමකට ද ලක් වී සිටිනවා.
මෙහි දී දෙරටේ ජනාධිපතිවරුන් පැය 3 ක පමණ කාලයක් ද්විපර්ෂික සාකච්ඡාවල නිරත වී ඇති අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් පුටින් සඳහන් කර ඇත්තේ ඔවුන් මැදපෙරදිග ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විස්තරාත්මකව සාකච්ඡා කරනු ලැබූ බවයි.
මෙහි දී සහභාගී වූ රටවල්වල නායකයන් සමඟ සමූහ ඡායාරුපයක් ද ලබා ගෙන ඇති අතර එහි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැක ගත හැකි වනවා.


