2040 දී සඳ මතට ඉන්දියානු ගගනගාමියෙක්

2040 වන විට සඳ මතට ගගනගාමියෙකු යැවීම සහ 2035 වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සිය අභ්‍යාවකාශ ඉලක්ක වී ඇති බව ඉන්දියාව සඳහන් කර තිබෙනවා.

එසේම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, සිකුරු සහ අඟහරු වෙත ද මෙහෙයුම් දියත් කිරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ ආදිය සිදු කරන ලෙස විද්‍යාඥයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉන්දියාව සඳෙහි දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට පත්වීමට පසුගිය අගෝස්තු මාසයේ දී සමත් වූ අතර සැප්තැම්බර් මාසයේදී එය සූර්යයා අධ්‍යයනය කිරීම සඳහා රොකට්ටුවක් ද දියත් කරනු ලැබුවා.

2024 අවසානයට පෙර අවසන් මිනිසුන් සහිත මෙහෙයුම ආරම්භ කිරීමට පෙර රෝබෝවක් රැගෙන අභ්‍යාවකාශයේ තවත් පරීක්ෂණ සිදු කෙරෙනු ඇති බවයි ISRO පවසා ඇත්තේ.