සංශෝධිත පනත් 05ක් ක්‍රියාත්මක වෙයි

පසුගියදා සම්මත වූ පනත් කෙටුම්පත් 5 කට අද දිනයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තබා තිබෙනවා.

ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහය, මැතිවරණ විශේෂ විධිවිධාන, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර, ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය සහ සිවිල් ගුවන් සේවා යන සංශෝධන පනත් කෙටුම්පත්වලට මෙලෙස කථානායකවරයා විසින් අත්සන් යොදා තිබෙනවා.

ඒ සමඟම එම පනත් සියල්ල අද දිනයේ සිට ක්‍රියාත්මක වන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒවා 2023 අංක 20 දරන සිවිල් නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත, 2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත, 2023 අංක 22 දරන ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත, ශ්‍රී ලංකා වරාය අධිකාරිය ( 2023 අංක 23 දරන සංශෝධන පනත සහ 2023 අංක 24 දරන සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත ලෙස දැක්වෙනු ඇත.