පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 118 කෙටි දුරකථන අංකය යොදා ගත හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරනවා.
එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යනු ලබන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් පවසන්නේ.
එසේම දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද මෙම අංකය හරහා ලබාදිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.
මේ හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට ද හැකියාව පවතින අතර එම තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත බවයි ඔවුන් සඳහන් කරන්නේ.

