හමාස් සටන්කාමීන්ට එරෙහි යුද සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරිමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන බදාදා දිනයේ දී ඊශ්‍රායලයට පැමිණීමට නියමිතව ඇත.
ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කර තිබෙන්නේ ඊශ්‍රායලයට, මැද පෙරදිග කලාපයට මෙන්ම ලෝකයට ද තීරණාත්මක මොහොතක ඇමරිකානු ජනාධිපතිවරයා පැමිණෙනු ඇති බවයි.
එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ඇමරිකානු රජයේ ඉල්ලීම මත ගාසා තීරයේ සිවිල් වැසියන් සඳහා මානුෂිය ආධාර ලබා දීමේ සැලැස්මක් ද ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බවයි.
එසේම ඊජිප්තුව සහ ගාසා තීරය අතර වූ රෆා හරස් මාර්ගය නැවත විවෘත කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ද රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා තවමත් සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

