පලස්තීනය වෙනුවෙන් ලොව පුරා පෙළපාලි රැසක්

ගාසා තීරයට බෝම්බ හෙලීම නතර කරන ලෙස ඉල්ලමින් “නිදහස් පලස්තීනය” යනුවෙන් ලොව පුරා විවිධ නගරවල පෙළපාලි රැසක් සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ඊශ්‍රායලය සහ හාමාස් සංවිධානය අතර ගැටුමෙන් පළමු සතිය තුළ ගාසා තීරයේ මිලියනයක ජනතාවක් අවතැන් වී ඇති බව ගණනය කර තිබෙනවා.

එසේම මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනයේ සිවිල් වැසියන් 2800 ක් පමණ මිය ගොස් තිබෙනවා.