දිස්ත්‍රික්ක 19 කට ප්‍රබල අකුණු අවදානමක්

අද පස්වරු 2 සිට රාත්‍රී 11.30 දක්වා අතර කාලය තුළ දිස්ත්‍රික්ක 19 ක ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ උතුරු, උතුරුමැද, වයඹ, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් නුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං තත්ත්වයක් ද ඇති විය හැකි බව වැඩිදුරටත් දැනුම් දෙනවා.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.