රටවල් පහකින් පැමිණෙන සංචාරකයින් සඳහා නොමිලේ සංචාරක වීසා ලබාදීමේ යෝජනාවක් සහිතව සංචාරක අමාත්‍යාංශය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරකයින් සඳහා මෙලෙස නොමිලේ සංචාරක වීසා ලබා දීමට නියමිතය.
මෙහි අරමුණ ශ්‍රී ලංකාවට වැඩි සංචාරකයින් ගෙන්වා ගැනීම බවයි ඔවුන් සඳහන් කරන්නේ.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ විදේශ අමාත්‍ය අලි සබ්රි එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.


