සෞදියේ ගෘහ සේවයට ගිය ලක් කතට පෙට්‍රල් දමා ගිනි තියලා

සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක්  පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට  රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා   ගන්නනැයි  සෞදි අරාබියාවේ සිටින   ලාංකික පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.

එරට නිවසක සිටි කාන්තාවක් මෙම ගෘහ සේවිකාවට සිරුරට  පෙට්‍රල්  දමා ගිනි තබා මාස 7 පමණ කාලයක් ගත වී තිබෙන බවත් ඇය  ප්‍රතිකාර ලබා රෝහලෙන් ඉවත්ව එරට පොලිසියේ  මැදිහත් වීම්  මත රැඳවුම් මධ්‍යස්ථානයක මාස එක හමාරක පමණ කාලයක් දැඩි දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන බව ඇය පවසන්නීය

 ගොතටුව නව නගරයේ පදිංචි ව සිටි නයනා දිල්රුක්ෂි හතළිස් පස් හැවිරිදි ගෘහසේවිකාව මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ පා මෙරටට පැමිණීමට  නොහැකිව සිටින බව කියයි.