අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයවල උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමයි සංඛ්‍යාව වැඩි වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා පවසනවා.
යුනිසෙෆ් සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ළමුන් 50,000කට අධික සංඛ්‍යාවක් ළමා මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
මේ හේතුවෙන් වයස අවුරුදු 5ට අඩු ළමුන් සඳහා කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

