පොල්ගොල්ල මහවැලි ජලාශ වේල්ලේ හදිසි වාන් දොරටු විවෘත කිරීමක් සිදු කිරීමට ඉඩ ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.
මේ හේතුවෙන් ඉන් පහළ කොටසේ ජීවත්වන සහ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිලිමත්ව කටයුතු කරන ලෙස යි දැනුම් දෙන්නේ.
එසේම හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද සහ හෙට දිනයේ පොල්ගොල්ල ජලාශ වේල්ල හරහා දිවෙන මාර්ගය වසා තැබෙන බව ද ජලාශ භාර ඉංජිනේරුවරයා සඳහන් කළා.

