දකුණු ඊශ්‍රායලයේ නගරයකට රොකට් ප්‍රහාරයක්

දකුණු ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරයට හමාස් සංවිධානය විසින් අද සවස රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බවට වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම ප්‍රදේශයේ මිනිසුන්ට ඉවත් වන ලෙස අනතුරු ඇඟවීම් සිදු කිරීමෙන් පසු මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මේ අතර ගාසා තීරයට දිගින් දිගටම බෝම්බ හෙලීමේදී හමාස් සංවිධානයේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු මරා දැමීමට හැකි වූ බවයි ඊශ්‍රායල හමුදා පවසන්නේ.

හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින බවට සැලකෙන 100 කට අධික ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමට කටාර් රාජ්‍යය මැදිහත්වීමෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නවතම වාර්තා වලට අනුව ගාසා තීරයේ පලස්තීනුවන් 830 ක් සහ ඊශ්‍රායලයේ පුද්ගලයින් 900 කට වඩා වැඩි සංඛ්‍යාවක් ප්‍රහාර හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලයේ අෂ්කෙලොන් නගරය දෙසට දියත් කරන ලද රොකට්වලට ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතියට අයත් ඩෝම් මගින් ප්‍රතිප්‍රහාර දෙන අයුරු