ගාසා හි රෝහල් රෝගීන්ගෙන් ඉතිරී යයි

ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයට නොකඩවා සිව්වන දිනටත් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එරට රෝහල් පිරී රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වෙනවා.

නවතම දත්ත වලට අනුව මේ වන විට පලස්තීනුවන් 770 ක් සහ ඊශ්‍රායල වැසියන් 900 කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රහාර හේතුවෙන් ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ඇතුළුවීම සම්පූර්ණ ලෙස අවහිර කර ඇති අතර ඒ අතරට ආහාර සහ ඉන්ධන සැපයුම් ද අයත් වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එවන් තත්ත්වයක රෝගීන් සඳහා යම් සහනයක් සලසමින් හදිසි වෛද්‍ය ආධාර ලබා දීම සඳහා මානුෂීය කොරිඩෝවක් සකසා දෙන මෙන් පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊශ්‍රායල හමුදා පවසන්නේ ගාසා දේශ සීමාවට ඉතා ආසන්නයේ පිහිටි නගරයක් වන කෆාර් ආසා සම්පූර්ණයෙන්ම සිය පාලනය යටතට ගැනීමට මේ වන විට හැකි වී තිබෙන බවයි.