විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූල ක්‍රම ඔස්සේ දිවයිනට එවන ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
2023 සැප්තැම්බර් මාසයේ දී විදේශ ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 482.4ක් ලැබී තිබෙන බවයි වාර්තා පෙන්නුම් කරන්නේ.
එසේම 2023 වසරේ මුල් මාස 8 තුළ පමණක් ඩොලර් මිලියන 3,863 ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් දිවයිනට ලැබී තිබෙනවා.
2022 වසරේ මුල් මාස 8 තුළ ඩොලර් මිලියන 2,215 ක ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා තිබුණු අතර එම වසරේ අදාළ කාලය හා සැසඳීමේ දී මේ වසරේ මුල් මාස අට තුළ ප්‍රේෂණවල ඉහළ යාම 74.4% ක් වන බවයි වාර්තා වන්නේ.

