මාතර සියලු පාසල් වැසේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් ලබන සඳුදා සහ අඟහරුවාදා යන දෙදින වසා තැබෙන බවට නිවේදනය කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සඳහන් කරන්නේ.