මැලේසියානු විදේශ අමාත්‍යවරයා හෙට දිවයිනට

මැලේසියානු විදේශ අමාත්‍ය Dato’ Seri Diraja Dr Zambry Abd Kadir මහතා ලබන ඔක්තෝබර් 08 සිට 12 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

මෙම සංචාරය අතරතුර දී මැලේසියානු විදේශ අමාත්‍යවරයා විදේශ අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවීමට සැලසුම් කර සිටින බවයි වාර්තා වෙන්නේ.

Dato’ Seri සමඟ දකුණු හා මධ්‍යම ආසියාවේ (SCA) උප ලේකම් Dato’ Syed Mohamad Bakri Syed Abdul Rahman, OIC සහ කලාපීය සහයෝගිතා අංශයේ (ORCD) උප ලේකම් අහමඩ් කම්රිසාමිල් මොහොමඩ් රීසා යන ය සහභාගී වනු ඇත.

එසේම මෙම මැලේසියානු නියෝජිත පිරිස IORA ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවේ 25 වැනි රැස්වීමට (ඔක්තෝබර් 9-10) සහ 23 වැනි IORA අමාත්‍ය මණ්ඩලයේ සංවාදයට (ඔක්තෝබර් 11) කොළඹදී ද සහභාගි වීමට නියමිත ය.