ඊශ්‍රාලයෙන් පලස්තීනයට ප්‍රතිප්‍රහාර

අද උදෑසන ඊශ්‍රාලයට එල්ල කරන ලද රොකට් ප්‍රහාර වලට පිළිතුරු ලෙස ඊශ්‍රාලය විසින් ගාසා තීරයට පහර දීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ 161 දෙනෙක් මිය ගොස් තවත් 1,000 ක් පමණ තුවාල ලබා ඇති බවයි පලස්තීන නිලධාරීන් සඳහන් කර තිබෙන්නේ.

මේ අතර හමාස් ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායල සිවිල් වැසියන්ට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාර තමන් හෙළා දකින බව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා ඇඩ්‍රියන් වොට්සන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ඇය සඳහන් කරන්නේ ත්‍රස්තවාදය කිසිවිටෙක සාධාරණීකරණය කළ නොහැකි බවත්, ඊශ්‍රායල රජය සහ ජනතාව සමඟ ඇමරිකාව ස්ථිරව සිටින බවත් ය.

එසේම මෙම ප්‍රහාරවලින් අහිමි වූ ඊශ්‍රායල ජීවිත වෙනුවෙන් තමන් ශෝකය පළ කරන බවට ද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.