මේ වසරේ ගත වූ මාස 10 ක කාලය තුළ රිය අනතුරු 1,638ක් සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
එම අනතුරුවලින් මරණ 1,733ක් වාර්තා වී ඇති අතර එයින් මරණ 540 ක් පදිකයන්ගේ වන බවයි ඔහු සඳහන් කළේ.
එසේම යතුරුපැදිකරුවන් 543ක් ද අනතුරුවලින් මිය ගොස් තිබෙන බවයි පොලිස් අධිකාරිවරයා පෙන්වා දෙන්නේ.
මේ හේතුවෙන් පදිකයන් සහ රියදුරන්ට මාර්ගයේ ගමන් කරන විට හා රිය ධාවනය කරන විට විමසිලිමත්ව කල්පනාවෙන් කටයුතු කරන ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

