දේශීය වේලාවෙන් රාත්‍රී 11.00 ට පමණ බටහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ 6.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මියගොස් තවත් 500 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ඇෆ්ගන් බලධාරීන් ප්‍රකාශ කරන්නේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) ප්‍රකාශ කළේ ඇෆ්ගනිස්ථානයේ Herat නගරයට වයඹ දෙසින් කිලෝමීටර් 35ක් (සැතපුම් 20ක්) දුරින් භූමිකම්පා ඇති වී ඇති බවත් ආරම්භක භූමිකම්පාවෙන් පසුව විශාල පසුකම්පන තුනක් පමණ සිදු වී ඇති බවත් ය.
කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇති අතර මිනිසුන් රැසක්ම සුන්බුන් අතර සිර වී ඇති බවයි වාර්තා වෙන්නේ.

