2023 වසරේ සාහිත්‍ය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට නෝර්වීජියානු ලේඛකයෙක්, නාට්‍ය රචකයෙක් මෙන්ම කවියෙකු වන Jon Fosse සමත් වී තිබෙනවා.
සමාජයේ හඬක් නොනැගෙන කරුණු වලට ඔහුගේ කෘති හරහා හඬක් ලබා දීම වෙනුවෙන් Jon Fosse මෙලෙස සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
වර්ෂ 1959 දී නොර්වේ හි Haugesund ප්‍රදේශයේ උපත ලද Fosse, ඔහුගේ නාට්‍ය පිටපත් සඳහා වඩාත් ප්‍රසිද්ධ වී තිබෙනවා.
ඔහුගේ කෘතීන් පාඨකයන්ව ඉතා ගැඹුරින් ස්පර්ශ කරන අතර ඔහුගේ එක් කෘතියක් කියවීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි නොබෙල් කමිටුවේ සභාපති Anders Olsson ප්‍රකාශ කර සිටියේ.
64 හැවිරිදි ඔහු සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය දිනාගත් සිව්වන නෝර්වීජියානු ජාතිකයා වන අතර 1982 න් පසු පළමුවැන්නා ද වනවා.


