23වන ඉන්දියානු සාගර කලාපීය සංගමයේ අමාත්‍ය මණ්ඩල සංවාදය ලබන ඔක්තෝම්බර් 11 වන දා මෙරට දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මේ සඳහා සහභාගී වීමට බංගලාදේශය, ඉන්දියාව, ඉරානය, මොරිෂස්, මැලේසියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල විදේශ අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යවරුන් 16 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාව, කොමරෝස්, ප්‍රංශය, ඉන්දුනීසියාව, කෙන්යාව යන රටවල නියෝජිතයින් පිරිසක් ද ලබන සතියේ දී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.
එහිදි ඉන්දියානු සාගර කලාපීය සංගමයේ වත්මන් සභාපති ධුරයේ කටයුතු කරන බංග්ලාදේශ විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරට විදේශ අමාත්‍යවරයා වෙත සභාපති ධුරය පිරිනැමීමට නියමිතව ඇති අතර ඒ අනුව 2023 – 2025 යන කාලය සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපීය සංගමයේ සභාපතීත්වය දරනු ඇත.

